පාංශු වයනය හා විවුහය

Powered by Blogger.

  • Home
* පාලනයක් සහිතව බිම් සැකසීම
* කාබනික ද්‍රව්‍ය එක් කිරීම
* පාංශු සංරක්ෂණ ක්‍රම යොදා ගැනීම
* ජල වහනය ක්‍රමවත් කිරීම
* බර යන්ත්‍රෝපකරණ බාවිතය සීමා කිරීම



* අනිසි ලෙස බිම් සැකසීම
* පාංශු ඛාදනය අදික වීම
* සෝඩියම් ලවණ අදික වීම
* ජලවහනය දුර්වල වීම


ප්‍රදාන විවුහ ආකාර


* තනි කණිකා
* ස්ථම්බික
* අණු කෝණාකාර කුට්ටි
* කැටිති

ප්‍රශස්ත අයුරින් ජලය සහ වාතය රදවා ගත හැකි වීම හා මනා ජල වාහනයකින් යුක්ත වීම නිසා කැටිති විවුහය නිසා බෝග වගාවට වඩාත් සුදුසුය .




පාංශු විවුහය යනු , ස්වබාවික තත්ත්ව යටතේ පස් අංශු එකට එකතු වී සැදී ඇති පස් සමුහවල රූපකාරය හෙවත් ස්වරූපය යි

වැලි , මැටි හා රොන්මඩ යන අංශු සමුහනය වන්නේ පස් අංශු බන්දනකාරක මගින් එකිනෙකට බැදීමෙනි . බන්දන කාරක ලෙස කාබනික ද්‍රව්‍ය ,ශාක හා සත්ව ශ්‍රාව , ජලය , කැල්සියම් ලවණ ආදිය ක්‍රියා කරයි.






* පසට ගැලපෙන බෝග තෝරාගැනීම සදහා

මැටි අධික පසක ජලය රැදෙන බැවින් එයට ගැලපෙන කන්කුන් , කොහිල ආදිය බෝග වගා කිරීමට සුදුසුය. වැලි අධික පසක ජලය රැදීම අඩු බැවින් අල බෝග හා රටකජු වගා කිරීමට සුදුසුය .

* වගාවට සුදුසු පරිදි වයනය දියුණු කර ගැනීම සදහා

වැලි අධික පසකට කොම්පෝස්ට් එකතු කිරීම මගින්ද , මැටි අධික පසකට වැලි එකතු කිරීම මගින්ද වයනය දියුණු කල හැකිය

* බිම් සැකසීමට සුදුසු උපකරණ තෝරාගැනීම සදහා

වැලි පස ලෝම පස හා සැසදීමේදී මැටි පසක් තද ගතියෙන් වැඩි බැවින් බිම් සැකසීමට තැටි නගුල් , මෝල්බෝඩ් නගුල් ආදී වැඩි බලයක් යෙදිය හැකි උපකරණ යෙදීම සුදුසුය

* පාත්තිවල උස තීරණය කිරීම සදහා

වැලි පසක ජලවහනය වැඩි නිසා උසින් අඩු පාත්තිද , මැටි පසක ජල වහනය අඩු නිසා උසින් වැඩි පාත්තිද සැකසීම සුදුසුය .

* උචිත ජල සම්පාදන  විදි තෝරා ගැනීම සදහා

වැලි පස් සහිත භූමිවලට මතුපිටින් ගලා යන ජල සම්පාදන විදි සුදුසු නොවන අතර ක්ෂුද්‍ර ජල සම්පාදන විදි යෝග්‍ය වේ .

* පාංශු සංරක්ෂණ ක්‍රම තෝරා ගැනීම සදහා

වැලි පසක අධික ලෙස කාදනය වන නිසා සංරක්ෂණ ක්‍රම වැඩියෙන් යෙදීම අවශ්‍ය වේ .

* වැලි පසේ සහ මැටි පසේ බොහොමයක් බෝග වර්ග වගා කිරීමේදී ගැටළු ඇතිවියහැකිය .

වග කල හැකි බිම් ප්‍රමාණය දිනෙන් දින සීමා වන නිසා මෙවැනි ගැටළු සහිත පස් වගාවට සුදුසු තත්වයට පත් කර ප්‍රයෝජනයට ගත යුතුය .


වැලි පසක බෝග වගා කිරීමේදී ඇතිවියහැකි ගැටළු

* ජලය රදා පැවතීම අඩු නිසා නිතර ජලය සැපයිය යුතු වීම
* ලිහිල් පසක් නිසා ශාක මුල් පසට හොදින් සවි නොවීම
* ජලය සමග පාංශු පෝෂක පහල ස්තර වලට සේදී යන නිසා පස නිසරු වීම

මෙම ගැටළු අවම කර ගැනීමට

* පසෙහි මතුපිට පස් එක් කිරීම
* පසට කාබනික ද්‍රව්‍ය එක්  කිරීම
* ගිල්වූ පාත්ති වල බෝග වගා කිරීම
* බිංදු ජල සම්පාදනය යොදාගැනීම



මැටි  පසක බෝග වගා කිරීමේදී ඇතිවියහැකි ගැටළු

* ජලය බැස යාම දුර්වල මට්ටමක නිසා ජලවහන ගැටළු ඇතිවීම
* පසෙහි නිර්වායු තත්ත්ව ඇති වීම
* නිර්වායු ජීවින්ගේ වර්දනය නිසා අහිතකර වායු වර්ග ඇති වීම
* පාංශු වාතය අඩු නිසා මුල්වල ශ්වසනයට බාදා වීම

 මෙම ගැටළු අවම කරගැනීමට

* වගා බිමේ අතිරික්ත ජලය බැසයාම ක්‍රමවත් කිරීම
* උස් පාත්ති වල වගා කිරීම




* බෝග වගාව සදහා වඩාත් සුදුසු වන්නේ ලෝම පසය
* සමහර පස් සමහර බෝග වලට නුසුදුසුය. එසේම වෙනත් බෝග වර්ගයකට සුදුසු විය හැක.


  උදා :- මැටි අධික පස බොහෝ බෝග වලට නුසුදුසු වුවත් වී වගාවට යෝග්‍ය වේ .


  මැටි පස ( වී වගාව , කන්කුන් , කොහිල )


වැලි පස ( අල බෝග , රටකජු )



  * පස වියළි අවස්ථාවේදී හා තෙත් අවස්ථාවේදී  ඇගිලිතුඩු වලින් ස්පර්ශ කලවිට අතට දැනෙන ස්වරුපය        අනුව පසෙහි වයනය  පිළිබද අදහසක් ගත හැක.



* රෝල් ක්‍රමයෙන් වයනය තීරණය කිරීම

1. පස් ස්වල්පයක් අත්ලට ගෙන ජලය එක්කර 1 cm පමණ විෂ්කම්බය ඇති  ගුලියක් සැකසීම
2. එම ගුලිය 3-4 mm පමණ දණ්ඩක්   ලැබෙනතුරු අත්ලේ රෝල් කරන්න
3. එම දණ්ඩ මුදුවක් ලෙස නමන්න
4. නිරීක්ෂණය අනුව පහත වීඩියෝ පටයේ  ඇති සටහන මගින් නිගමනය කිරීම



 



* විද්‍යාගාර ක්‍රම මගින්ද නිවැරදිව  පාංශු වයනය තීරණය කල හැක .

   වයන ත්‍රිකෝණය  මගින් පාංශු වයනය සෙවීම





* පාංශු වයනය යනු , පසේ  ඇති විවිද විශාලත්වයෙන් යුත් පස්  අංශු වල සාපේක්ෂ වියාප්තිය යි .          

* වැලි , මැටි , රොන්මඩ  යන පාංශු කනිජ අංශු වල සුලබතාවය අනුව පසෙහි විවුහය තීරණය වේ .


 මූලික පාංශු වයන පන්ති 3 කි


වැලි පස


* සාපේක්ෂව වැලි   වැඩි පස්


මැටි පස 


* සාපේක්ෂව වැලි ප්‍රතිශතය  වැඩි පස්


ලෝම පස


* සාපේක්ෂව වැලි ප්‍රතිශතය වැඩි පස්


















Home

ස්තුතිය


I.D.H චමිලා
Ag / F /2533
15 - I
P.N.C.O.E

© 2016 පාංශු වයනය හා විවුහය .