පාංශු වයනයේ කෘෂිකාර්මික වැදගත්කම

* පසට ගැලපෙන බෝග තෝරාගැනීම සදහා

මැටි අධික පසක ජලය රැදෙන බැවින් එයට ගැලපෙන කන්කුන් , කොහිල ආදිය බෝග වගා කිරීමට සුදුසුය. වැලි අධික පසක ජලය රැදීම අඩු බැවින් අල බෝග හා රටකජු වගා කිරීමට සුදුසුය .

* වගාවට සුදුසු පරිදි වයනය දියුණු කර ගැනීම සදහා

වැලි අධික පසකට කොම්පෝස්ට් එකතු කිරීම මගින්ද , මැටි අධික පසකට වැලි එකතු කිරීම මගින්ද වයනය දියුණු කල හැකිය

* බිම් සැකසීමට සුදුසු උපකරණ තෝරාගැනීම සදහා

වැලි පස ලෝම පස හා සැසදීමේදී මැටි පසක් තද ගතියෙන් වැඩි බැවින් බිම් සැකසීමට තැටි නගුල් , මෝල්බෝඩ් නගුල් ආදී වැඩි බලයක් යෙදිය හැකි උපකරණ යෙදීම සුදුසුය

* පාත්තිවල උස තීරණය කිරීම සදහා

වැලි පසක ජලවහනය වැඩි නිසා උසින් අඩු පාත්තිද , මැටි පසක ජල වහනය අඩු නිසා උසින් වැඩි පාත්තිද සැකසීම සුදුසුය .

* උචිත ජල සම්පාදන  විදි තෝරා ගැනීම සදහා

වැලි පස් සහිත භූමිවලට මතුපිටින් ගලා යන ජල සම්පාදන විදි සුදුසු නොවන අතර ක්ෂුද්‍ර ජල සම්පාදන විදි යෝග්‍ය වේ .

* පාංශු සංරක්ෂණ ක්‍රම තෝරා ගැනීම සදහා

වැලි පසක අධික ලෙස කාදනය වන නිසා සංරක්ෂණ ක්‍රම වැඩියෙන් යෙදීම අවශ්‍ය වේ .

Share:

0 comments