නුසුදුසු පාංශු වයනය නිසා බෝග වගාවට වන බලපෑම්

* වැලි පසේ සහ මැටි පසේ බොහොමයක් බෝග වර්ග වගා කිරීමේදී ගැටළු ඇතිවියහැකිය .

වග කල හැකි බිම් ප්‍රමාණය දිනෙන් දින සීමා වන නිසා මෙවැනි ගැටළු සහිත පස් වගාවට සුදුසු තත්වයට පත් කර ප්‍රයෝජනයට ගත යුතුය .


වැලි පසක බෝග වගා කිරීමේදී ඇතිවියහැකි ගැටළු

* ජලය රදා පැවතීම අඩු නිසා නිතර ජලය සැපයිය යුතු වීම
* ලිහිල් පසක් නිසා ශාක මුල් පසට හොදින් සවි නොවීම
* ජලය සමග පාංශු පෝෂක පහල ස්තර වලට සේදී යන නිසා පස නිසරු වීම

මෙම ගැටළු අවම කර ගැනීමට

* පසෙහි මතුපිට පස් එක් කිරීම
* පසට කාබනික ද්‍රව්‍ය එක්  කිරීම
* ගිල්වූ පාත්ති වල බෝග වගා කිරීම
* බිංදු ජල සම්පාදනය යොදාගැනීම



මැටි  පසක බෝග වගා කිරීමේදී ඇතිවියහැකි ගැටළු

* ජලය බැස යාම දුර්වල මට්ටමක නිසා ජලවහන ගැටළු ඇතිවීම
* පසෙහි නිර්වායු තත්ත්ව ඇති වීම
* නිර්වායු ජීවින්ගේ වර්දනය නිසා අහිතකර වායු වර්ග ඇති වීම
* පාංශු වාතය අඩු නිසා මුල්වල ශ්වසනයට බාදා වීම

 මෙම ගැටළු අවම කරගැනීමට

* වගා බිමේ අතිරික්ත ජලය බැසයාම ක්‍රමවත් කිරීම
* උස් පාත්ති වල වගා කිරීම




Share:

0 comments